Friday, May 18, 2018

ඔවුහු

ඔවුහු;
රතු පාට මහා පොළොව
දළුලන්න ඉඩදෙන්න
ලේ සුවඳ මද සුළඟෙ
මල් සුවඳ පැතිරෙන්න
ගිනි දැවෙන දහස් සිත්
කෙසේ හෝ සනසන්න
ගලා යන කඳුළු ගඟ
හරස් කොට නවතන්න,
නික්ම ගොස් ජීවිතෙන්
අපේ දිවි සරසන්න...

No comments:

Post a Comment