Thursday, December 22, 2016

හිම බිමේ සැඟවූ තැන

හිරුත් උණුසුම් මදියි
උණුසුම් කරන්නට මිදුණු හද
නමුත් එක් තරුවක් ඇවිත්
උණුසුම් කරන්නට දරන තැත...

කියම් නොකියම් ද තරුවට
හිම බිමේ සැඟවූ තැන?
යාවිදෝ අතැර ගිනි දැවෙන කතරක?

මඟ ළකුණු මැකී ඇත
හැමූ හිම සුළං මැද
කෙසේ නම් කියම් තරුවට?

මිදුණු හද සුරැකියි,
හිම බිමේ සැඟවූ තැන!