Wednesday, December 5, 2012

My Side of Our Story

No castles built
No bloodshed fields
No one will ever know
What I did for you
       or you for me...
I am no Juliet
You are no Romeo

Hidden, deep inside
       for anyone to see
The breath of my life,
The meaning of my smile,
The sun of my day,
The moon of my night
You and only you
        it will be.....

Friday, November 23, 2012

තවත් සිතුවිල්ලක්....








ඔබේ ලොවත්
මගේ ලොවත්
අහසත් පොළොවත් නොවුණත්
ඔබේ හිතත්
මගේ හිතත්
එක හීනෙක රැඳුණත්
තීරණය අන්සතු නිසා,
හිතුවක්කාර හදවත
කවදාක හරි ගොළු වුණොත්.............

Saturday, November 17, 2012

An Outsider


I see people smiling
But no one is smiling with me
I see people talking
But no one is talking with me
I know them,
All those people smiling and talking
But no one knows me

I see people crying
But no one is crying for me
I see people longing
But no one is longing for me
I know them,
All those people crying and longing
But no one knows me

I see people looking
But no one is looking for me
I see people waiting
But no one is waiting for me
I know them,
All those people looking and waiting
But no one knows me

Wednesday, November 14, 2012

The Reason Of My Beating Heart......


I'd never ask you to be my smile
Neither my tears when I cry........
Never expect for 
    You to walk
   In step with mine...
Nor wish to be the beat of your heart
I know that's too much to ask.....
All I wish for is
For you to hear my name,
  Someday..........
  Some place.....
When I no longer  be,
And say...
She was my smile
My tears when I had to cry....
She used to walk in step with mine,
And now I know the reason for
Why her heart has stopped beating........

Sunday, November 4, 2012

Only one heart is fragile?

I gave you my heart
And you broke it into pieces...
You left saying
That my heart was fragile
Once somebody else
Gives you theirs
Hold it close to yours....
Then you can keep believing
It's only mine that's fragile...

Tuesday, October 23, 2012

තවත් එක කතාවක්...

කඳුළු බිඳු වැටෙන
    සිහිනයක් වෙනුවෙන්
බොඳ කළත් ඒ සිනා මල්
හද ගැහෙන හැම විටක
සිහිවේවි ඒ මතක....

අතීතය සුන්දරයි
ජීවිතය අපේමයි 
හදවත මගේමයි
ආදරය අන්සතුයි

Monday, September 3, 2012

අවසරයි සමුගන්න

                        හමුවුණා මතකයිද
                        අප නොසිතු මොහොතක
                        ඇවිද්දා මතකයිද
                        අප එකම මාවතක
                        මගහැරුණා මතකයිද
                        එක දිනෙක අප දෙදෙන
                        
                                                          ඉඩ දෙන්න කාලයට
                                                          ගෙන යන්න ඒ මතක
                                                          අවසරයි සමුගන්න
                                                          මගේ සිහින ලෝකයෙන්....

Wednesday, July 11, 2012

Untitled

 ආදරේ නාමයෙන්
පිපුණු මල් 
ගිලිහෙද්දි
කාලයක් පුරාවට ගැයූ ගී

වියැකෙද්දි

හද පුරා ඇඳි සිතුම්

එකින් එක බොඳවෙද්දි

ආදරේ ඉපදේවි
 
පෙම්වතුන් 
මියැදෙද්දි.........

Monday, May 28, 2012

වයම්දෝ කෙලෙස මම .....


වයම්දෝ කෙලෙස මම
තත් සිඳුණු ගිටාරය
මෙන් වරම් නොලදීමි
සිඳූ තත් වෙණ 
වැයු ඇදුරු ගුත්තිල
දුරස් වී සත්සර
සිතුවම් කරම්දෝ කොයි ලෙස
ඉගිලෙන්න වෙරදරන
පියාපත් සමනල...

Monday, May 7, 2012

නුබ ගත් කඳුළ

                                                                     හඬන නුබ
                                                                        දුකින් ඉකිබිඳ
                                                                   වැටෙන පිණිබිඳු
                                                                     එකින් එක
                                                                     දැනේවිද නුඹට....
                                                                        හඬන්නට වරම්
                                                                        අහිමි දෙනෙතක
                                                                     කඳුළු බව.......

Thursday, April 26, 2012

යුධ ප්‍රකාශය

ඉගෙන ගන්න ආසයි නම්
කියවන්නට ඔය තරමට
මෙන්න ගනින් මගෙ පොත් පත්
කීතු කීතු වලට ඉරලා
රස බලපන් ඇතිවෙනකම්
පාට පාට ඇඳුම් ඇඳන් 
හැඩ වෙන්නට ආසයි නම්
මෙන්න ගනින් මගේ ඇඳුම්
කෑලි කෑලි වලට කපලා
 හදාගනින් ඇති තරමට
ඒත්, උඹට මං එකක් කියන්නම්
දත තැබුවොත් උඹ
 මගේ පියානෝවට
සමාවක් නෑ කිසිම
සත්තයි, උඹට එරෙහිව
පටන් ගන්නවා මං
ඊළඟ ලෝක යුද්ධය
!!!!!!!!!!!!!!!!!!!!!

Tuesday, April 10, 2012

මගෙ නොවන සිතුවමක්.....


අතින් ගෙන පින්සලක්
අඳිමි මම සිතුවමක්
නොයෙක් හැඩතල මවා
අඳිමි මම සිතුවමක්

නැවතිලා මගේ සිත
දැන් බොහෝ කාලයක්
ඇඳේ සිතුවම තවම
නොනැවතී ඒ නමුත්

හිත නොඇඳි පැහැයකින්
අඳිමි මම සිතුවමක්
ඇඳෙන්නේ මගේ අතින්
මගෙ නොවන සිතුවමක්
එකක් නොව දෙදෙනෙක්
මාත්, මගෙ සිතුවමත්!!!

Monday, March 19, 2012

ආදරෙයි මම

අහසේ තරු අරන් ඇවිත් මාල ගොතන්න
ඒ තරු වැල දිස්නෙ දිදී ගෙල පලඳින්න
පුංචි කාලෙ මවපු හීනේ හැබෑ නොවුනට
තවමත් ඒ තරු එළියට ආදරෙයි මම

මටත් හඳට එන විදිහක් කියලා දෙනවද
හඳ හාමිගෙ කිරියි පැණියි රසද බලන්න
හඳේ ඉන්න හා පැටියට කතා නොකළට
තවමත් ඒ සඳ මඬළට ආදරෙයි මම

පාට පාට මල් කියනා සිංඳු අහන්න
මල් පෙතිවල පාට ගෑවේ කවුද හොයන්න
පුංචි කාලෙ කළ විදියට මතක් නොවුනට
තවමත් ඒ මල් සුවඳට ආදරෙයි මම

පාඩම් පොත් අතරේ මගෙ කාලේ ගෙවුනට
අහස පොළොව ගැටලන්නට තර්ක කෙරුවට
මටත් හොරා ගෙවිලා ගිය ළමා කාලයේ
තවමත් ඒ සොඳුරුකමට ආදරෙයි මම

Saturday, February 18, 2012

සේදී අඳුන්.....

තවරා නේක පැහැ
දුර ඈත නුබ ගැබ
කරනා සිහින සිතුවම්
නිහඬ තෙලිතුඩ
ගුගුරා අහස වට
නොසිතූ වැහි බිඳ
සිහිවී ක්ෂිතිජ රේඛා 
බොඳවුණු, එකින් එක
නවතාලනු නොහැකි
සීතල කඳුළු කැට
සේදී අඳුන් ගලනා
කොපුල් තල මත

Sunday, February 5, 2012

සමුගනිමි මම හෙටට පෙර අදම

ගොළු නමුත්
හදවතකි මා සතු
රිදවුමකි එය
මට මෙන්ම නුඹටද
පැහැදිලි වේවි
නුදුරු දිනකම
නොකී හේතුව
දුරින් හිඳුමට
සමුගනිමි මම
හෙටට පෙර අදම
කුමක් කරමුද,
එයයි ජීවිතය............

Tuesday, January 24, 2012

The Heart Beat

My heart started beating
In time with yours,         
Every time your heart skipped a beat,
So did mine.
Once,
I couldn't feel
The beat of your heart,
Then my heart skipped a beat    
And I started to cry.
After what felt like an eternity
I felt the familiar beat;
So close,
Yet, not so close.

Since then;
Your heart started to beat
In time with mine,
If my heart skipped a beat
So did yours,
Every single time.

The time has passed
And we have grown apart
My heart now beats,
A different beat from yours.
But the familiar beat
I much recall.
For, so long
Our hearts
Were beating as one.

P.S.
Love you Amma.