Wednesday, August 28, 2019

සත්තු වත්ත

උම්බෑ........
හොක්කි හූ..... හූ......
බුහ්! බුහ්! බුහ්!
කුක්කුකූ.... කූ...
කාක්! කාක්!! කාක්!!!
රට වටේටම
   ගොං පොර
   බලු පොර
   කුකුළු පොර
තව තව එකී මෙකි නොකී පොර
අපිත් ඉතින් කට ඇරන් බලන් ඉන්නවා

Sunday, August 25, 2019

මං මන්දෝදරී

රාවණාට පෙම් කළා බොහෝ දෙන
නමුත් රාවණා පෙම් කළේ මට
මං මන්දෝදරී,
ඒත් මාව මතක කාටද.....

රාවණාගේ උරුමය; පුත් මේඝනාද
වේදනා විඳ බිහි කළේ මම
මං මන්දෝදරී,
ඒත් මාව මතක කාටද.....

රාවණා - රාම යුධ කළා
මගේ රාවණ මියගියා
මං මන්දෝදරී,
ඒත් මාව මතක කාටද.....

රාවණාගේ පතිවත, සීතා ගින්නෙන් ඔප්පුකළා
මගේ හදවත අළු වුණා
මං මන්දෝදරී,
ඒත් මාව මතක කාටද.....

රාවණා - සීතා - රාම ගැන පෙම් කතා ලියවුනා
මං වැන්දඹු වුණා
මං මන්දෝදරී,
ඒත් මාව මතක කාටද
මට පෙම් කරපු රාවණා නැති කොට...