Sunday, November 16, 2014

තණ්හා, රතී, රඟා බැලුවෙමි

සුරජ්, විමලේ හා සිරි;
ජීවිතේ තුන්පළක ජීවත්වන
මිතුරන් තිදෙනෙක්.

තහනම් ආදරයක්,
පෙරුම් පුරනා පෙම්වතෙක්,
තිදරු පියෙක්.

ගුණසිංහපුර ඉඳන්
චලෙයි වලට
රෝද තුනක නාන්න ගිහින්

විමලේ අහුලපු සර්පයා
චලෙයි ඉඳන් කොළඹ එමින්
දැන් කයි, දැන් කයි

සිරිගේ හිත තර්ක කරයි
විමලෙගෙ හිත ඉස්තීරයි
සුරාජ්ගෙ හිත අපැහැදිලියි

එක යුද්ධයක් ඉවරයි
තව යුද්ධයක් කරමින්
අනිත් යුද්ධය නෙත් මානයේ

එහේ මිනිස්සුත් එහෙමයි
මෙහෙ මිනිස්සුත් එහෙමයි
වෙනසක් නෑ

"ආනන්ද, සර්පයා දුටුවාද?"
කාටවත් ඒ දෙබස මතකද?
කවුරුන් විසින් කාටද?

Wednesday, November 5, 2014

The Witch With A Stone Cold Heart

Take her hand tight
Smile your sweet smile
Kiss her on the cheek
And add a drop of poison in her cup
Let her take a sip
Let the poison settle in
Let it turn her heart to stone

Add a drop of poison
Everyday in the cup
Let the poison settle in
Let it work its charm
And turn her into a witch with a stone cold heart
Break it, smash it
Turn it into dust
Burn her at the stake
'Cause she's a witch with a stone cold heart

Friday, August 8, 2014

අස්ථානගතවීම....

දුටුව විට ඔබ සිටිනු නැවතී
නැවතුනත් කාලය මොහොතකට
මොහොතකින් ඔබ අසල සිටි ඇය
ඇයම බව පෙනුනමුත් දෙනෙතට
දෙනෙත් තෙත් නොවෙනු දැන
දැනෙන්නේ කුමක්දැයි මාහට
මා මගෙන් විමසු කල
කාලයක් රිදුම් දුන්
නොනැවතී හැඬුම් දුන්
මගේ හදවත හඬක් නොනැගිය..
සොයා බැලු කල
එයට හේතුව
ලැබුනි මට පිලිතුරක්
"අතීතයෙ එක්දිනක අස්ථානගතවීලු
ඒනිසා රිදෙන්නට දැන් හදක් මට නෑලු"

Friday, March 14, 2014

හඳ හා මම

අමාවක දාක
කට්ට කළුවර රෑක
අමාවක හඳට 
පෙම්කරපු හදට
හන්තානට ඉහළින් දිදුල
 තරු රෑන මතකයි තාම....

අමාවක වූ නිසා හඳ එදින
දුටුවේ නැති බව මාව 
දැනගතිමි පුරහඳ දාක
අතිනත් ගත් සාවිය දුටු කල....