Saturday, February 18, 2012

සේදී අඳුන්.....

තවරා නේක පැහැ
දුර ඈත නුබ ගැබ
කරනා සිහින සිතුවම්
නිහඬ තෙලිතුඩ
ගුගුරා අහස වට
නොසිතූ වැහි බිඳ
සිහිවී ක්ෂිතිජ රේඛා 
බොඳවුණු, එකින් එක
නවතාලනු නොහැකි
සීතල කඳුළු කැට
සේදී අඳුන් ගලනා
කොපුල් තල මත

Sunday, February 5, 2012

සමුගනිමි මම හෙටට පෙර අදම

ගොළු නමුත්
හදවතකි මා සතු
රිදවුමකි එය
මට මෙන්ම නුඹටද
පැහැදිලි වේවි
නුදුරු දිනකම
නොකී හේතුව
දුරින් හිඳුමට
සමුගනිමි මම
හෙටට පෙර අදම
කුමක් කරමුද,
එයයි ජීවිතය............