Tuesday, June 18, 2013

ජීවිතය, වත්පොත හා පිට කොන්ද

මතකයි හොඳට මට
නුඹ දුටුව මුල්ම දින
තවත් එක් මුහුනක්
ජීවිතේ හමුවෙන

ඉඳ හිටක හමුවෙලා
කතා කෙරුවත් 
දැනුනේ නෑ මට
නුඹේ රඟපෑම් ගැන

වත්පොතේ චැට් එකක
මට ආදරය ලියූ විට 
හිතුවේ නෑ මම
එය පෙර පුහුණුවක් බව

වත්පොතේ තව දිනක
දුටුව විට නුඹ ඈ සමඟ
සතුටුයි දැනගත් එක
නුඹට "කොන්දක්" ඇතිබව

නුඹෙන් ඇසු පැනයකට
ඇගෙන් පිළිතුරු ලදතැන
හිනා යනවා මටම 
මගේ මෝඩකම් ගැන