Friday, August 8, 2014

අස්ථානගතවීම....

දුටුව විට ඔබ සිටිනු නැවතී
නැවතුනත් කාලය මොහොතකට
මොහොතකින් ඔබ අසල සිටි ඇය
ඇයම බව පෙනුනමුත් දෙනෙතට
දෙනෙත් තෙත් නොවෙනු දැන
දැනෙන්නේ කුමක්දැයි මාහට
මා මගෙන් විමසු කල
කාලයක් රිදුම් දුන්
නොනැවතී හැඬුම් දුන්
මගේ හදවත හඬක් නොනැගිය..
සොයා බැලු කල
එයට හේතුව
ලැබුනි මට පිලිතුරක්
"අතීතයෙ එක්දිනක අස්ථානගතවීලු
ඒනිසා රිදෙන්නට දැන් හදක් මට නෑලු"