Friday, June 24, 2016

මගේ ස්ත්‍රීත්වයේ උභතෝකෝටිකය

පරීක්ෂණය: කොණ්ඩය හා මම
දත්ත
වස්තුව: කොණ්ඩය
අයිතිය: මට
ස්ථානය: මගේ හිස මත පිහිටා ඇත.
අනෙකුත්: කොණ්ඩය නඩත්තු කිරීම මා විසින් කරනු ලැබේ.
                ජීව විද්‍යාත්මකව උපතේ සිට මා ස්ත්‍රී ලිංගිකයි.
කාල සීමාව: වසර 01 මාස 05
ප්‍රශ්නය: ඇයි කොන්ඩේ කැපුවේ?
පිළිතුර: පහසුවට

ප්‍රතිචාරය 01: ඒ උනාට ගෑනු ළමයෙක්ට කොණ්ඩේ තියෙන්න ඕනේ.
ප්‍රතිචාරය 02: ගෑනු ළමයෙක්ගේ ලස්සන තියෙන්නේ කොණ්ඩේ.
ප්‍රතිචාරය 03: කෙල්ලෙක් උනාම දිග කොණ්ඩයක් තියෙන්න ඕනේ.
ප්‍රතිචාරය 04: සාරියට ලස්සන දිග කොණ්ඩය.

විශේෂ අවස්ථා:
"කෝ උඹේ කොණ්ඩේ"
"ඒක කැපුවා"
"අඃ...ඒක නෙවේ අපි කොහෙද කන්න යන්නේ?"

නිගමනය
මගේ ස්ත්‍රීත්වය තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ කොණ්ඩය හා එහි දිගයි.

සාකච්ඡාව
කොණ්ඩය කපා වසර එකහමාරකට ආසන්න කාලයක් ගත වීද ලැබෙන බහුතර ප්‍රතිචාර මත මගේ කොට කොණ්ඩය මගේ ස්ත්‍රීත්වය පිළිබඳ ගැටළුවක් මතු කරයි. මෙය වෙනස් වෙන අවස්ථාද ඇත. ඉහතින් දක්වා ඇති විශේෂ අවස්ථාව එවැන්නකි. එබැවින්, පිළිගත් ජීව විද්‍යාත්මක කරුණු වලට හා උපන් මොහොතේ සටහන්කල මගේ උප්පැන්න සහතිකය අනුව මා ස්ත්‍රී ලිංගික වුවද සමාජයමය කරුණු මත එය ප්‍රශ්නයට ලක්කෙරේ.