දැන්මම කියලා තියන්නම්
එදාට වෙලාවක් නැතිවෙයි
කැරම් බෝඩ් එකයි
කාඩ් කුට්ටමයි ලෑස්තියි
හොඳට ඉඟුරු දාපු තේකයි
චොකලට් බිස්කටුයි
ගෝල්ඩ් මාරියි;
මං ටිකිරි මාරි වලට අකමැතියි
සුදු නැතුවට කමක් නෑ
ඔය හැමදාම අඳින
පාට ගියපු ටී ෂර්ට් එකයි
ඩෙනිමයි හොඳටම ඇති
ඇවිත් යන්න එන්න
මේ මාසේ අන්තිමට
මගේ මළගම දාට
Sunday, May 10, 2015
Tuesday, May 5, 2015
ආදරේ කියලා අපි හිතනදේ ඇත්තටම ආදරේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒනිසාම ඒ ආදරේමද කියල දැන ගන්නකන් අපි ගොඩක් වෙලාවට අපේ හැගීම් හංගගෙන ඉන්නවා. තවත් විටක අතීත අත්දැකීමක් නිසා හිතේ තියනදේ කියන්නැතුව ඉන්නවා. තවත් වෙලාවක ඒ ඇත්තටම ආදරේ වුනත් වෙන කෙනෙක්ගෙ උරුමය නිසා හිත හංගගෙන ඉන්නවා. ඒ හැම අවස්තාවකම හේතුසහගතයි.
ඒ වගේම අපි නිකමටවත් නොහිතන දෙයක් ආදරේ වෙන්නත් පුළුවන්. හදිස්සියේම ඇවිත් හදිස්සියේම යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. මේ ජීවිතේ හරිම පුදුමාකාරයි. හරිම අවිනිශ්චිතයි. ඒනිසා ගෙවෙන හැම මොහොතක්ම ආදරෙන් ගතකරන්න. ජීවිතේ මොනදේ දුන්නත් ජීවිතේට ආදරේ දෙන්න.
ඒ වගේම අපි නිකමටවත් නොහිතන දෙයක් ආදරේ වෙන්නත් පුළුවන්. හදිස්සියේම ඇවිත් හදිස්සියේම යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. මේ ජීවිතේ හරිම පුදුමාකාරයි. හරිම අවිනිශ්චිතයි. ඒනිසා ගෙවෙන හැම මොහොතක්ම ආදරෙන් ගතකරන්න. ජීවිතේ මොනදේ දුන්නත් ජීවිතේට ආදරේ දෙන්න.
Saturday, April 18, 2015
අපේ කතාව
බොඳව ගියත් පා සටහන් වැලිතලයේ
පවසන්නම් මුළු ලොවට ඇසෙන්නට
වෙන්කළ දෙහදක කතන්දරේ
ක්ෂිතිජ ඉම තෙක් සාගරේ
ඉගිල ගියා අපි හිතුමතේ
සිඳ දමුවත් ඒ සොඳුරු පියාපත්
පවසන්නම් මුළු ලොවට ඇසෙන්නට
වෙන්කළ දෙහදක කතන්දරේ
අතරමංවී සිහිනයේ
සැරිසැරුවා මම ජීවිතයේ
තනිවුණු හදවත ගැහෙන තුරාවට
පවසන්නම් මුළු ලොවට ඇසෙන්නට
වෙන්කළ දෙහදක කතන්දරේ
ඡායරූපය: පණ්ඩුල බස්නායක
ක්ෂිතිජ ඉම තෙක් සාගරේ
ඉගිල ගියා අපි හිතුමතේ
සිඳ දමුවත් ඒ සොඳුරු පියාපත්
පවසන්නම් මුළු ලොවට ඇසෙන්නට
වෙන්කළ දෙහදක කතන්දරේ
අතරමංවී සිහිනයේ
සැරිසැරුවා මම ජීවිතයේ
තනිවුණු හදවත ගැහෙන තුරාවට
පවසන්නම් මුළු ලොවට ඇසෙන්නට
වෙන්කළ දෙහදක කතන්දරේ
ඡායරූපය: පණ්ඩුල බස්නායක
Wednesday, February 18, 2015
වෙරළ කොන හිඳ ඇයට ගැයු ගීතය
වෙරළ කොන හිඳ
ඇයට ගැයු ගීතය
සුළඟ ගෙනයාවි ඈතට
ඇයට නොඇසෙන තරම් ඈතට
කියන්නට බැරි නිසා
සිත නැගුනු සිතිවිලි
සටහනක් තබමි වෙරළේ
හමු වූ දිනක කියන්නට
පෙම් කල බව ඇයට
ඈ කවුද කියන්නටවත්
නොදැනසිටි කාලයක
ඇයට ගැයු ගීතය
සුළඟ ගෙනයාවි ඈතට
ඇයට නොඇසෙන තරම් ඈතට
කියන්නට බැරි නිසා
සිත නැගුනු සිතිවිලි
සටහනක් තබමි වෙරළේ
හමු වූ දිනක කියන්නට
පෙම් කල බව ඇයට
ඈ කවුද කියන්නටවත්
නොදැනසිටි කාලයක
ඡායරූපය: ලිවිදුල් විතාරණ
Subscribe to:
Posts (Atom)

