Accidentally Born
Saturday, April 23, 2016
බක් මහා උළෙල
මතකද....
එදා බක් මහා උළෙල?
කතා නොකළේ එතරම්
ආඩම්බරේට නෙවෙයි
අවුරුද්දක්ම ගියා
පසුතැවි තැවී
එදා කතා නොකලට
මෙදා පාරත් එනවද?
කතා නොකරාවි එතරම්
ඒත් ආසයි දකින්නට අයෙත්...
Wednesday, December 16, 2015
කොන්ක්‍රීට්...
අනුපාතෙට සිමෙන්ති, වැලි එකතුකරලා
අච්චුවට දාලා හදපු
කොන්ක්‍රීට් කණු අතරේ
ඉස්සර දවසක
වචනයක්වත් නැතුව
කුළුගෙඩියකින් ගහලා
කුඩුකරලා දාපු,
මිටියකින් ගල්කටුවට
යාන්තමට තට්ටුකරලා
හැඩකරලා
සියුම්වට දාර තියලා
මවපු කැටයම
අඳුරගන්න පුලුවන්ද මන්දා....
Tuesday, September 1, 2015
හිමි - අහිමි ප්‍රේමය
පෙම් කලෙමි නුඹට
ඇය සිටින බව නොදැන
පෙම් කලෙමි නුඹට
නුඹ ඇගේ බව නොදැන
පෙම් කලෙමි නුඹට
නුඹ අහිමි බව නොදැන
පෙම් කරමි නුඹට
ඇය සිටින බව දැන
පෙම් කරමි නුඹට
නුඹ ඇගේ බව දැන
පෙම් කරමි නුඹට
නුඹ අහිමි බව දැන
Friday, August 28, 2015
අවැසි නම් මට
කුලය කම් නැත
ඇයව රජ කුමරියක කරනට
නුහුරු රන්දම් පළඳවා
මල්දාම හුරු ඇ'ගෙලට
අවැසියි ජීවිතය සොයාගන්න
රජෙකු නොව මිනිසෙකු විලස
කිරුළු පළඳිනු නොහැක මා හට
ඔබේ පුත් වූ පමණින්ම..
පිය රජුනි,
අවසරයි මට
නික්ම යන්නට මන්දිරෙන්
ඇගේ හිමි ලෙසට...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)