Wednesday, April 17, 2013

අතීත ප්‍රේමය

නෙලා ගනු රිසි
 ලියතඹර
ගව් ගණන් දුර ඇවිද
ගිම් නිවන ඇසිල්ලෙක...

පෙරදිනෙක නෙත ගැටුණු
   ලිලී මල
දකිනු සිත්වී නැවත
සොයා වෙහෙසෙනු කුමට

 හිතවත,
පරවගොස් එය
කොතෙක් කල්වෙද...

Friday, February 1, 2013

තටු ලැබුණෙ ඉගිලෙන්න...

තහනමක් නැත නුඹට
නිල් ගුවන සරන්නට
නේක හැඩතල අඳින
වලාකුළු සිඹින්නට
කැමතියි ඉන්නවානම් නුඹ
නොයා මගෙ නෙත් ඉමෙන් පිට
සිතෙනමුත් කියන්නට
පියාඹා නොයන ලෙස
 කමක් නෑ ඒවුණත්
 තටු ලැබුණෙ ඉගිලෙන්න...

Friday, January 4, 2013

හීන......

වෛර කරන්නේ කොහොමද
හීන හොරකම් කෙරුවට
රැගෙන ගිය හීනයට
උරුමයක් නැති විටක.....
 උරුමකම් කියන්නට
හැකි සිහිනයක් ලබුණම
රැඳෙන්නම් ඒ තුළම
දිවි තිබෙන තුරාවට....

Wednesday, December 5, 2012

My Side of Our Story

No castles built
No bloodshed fields
No one will ever know
What I did for you
       or you for me...
I am no Juliet
You are no Romeo

Hidden, deep inside
       for anyone to see
The breath of my life,
The meaning of my smile,
The sun of my day,
The moon of my night
You and only you
        it will be.....