Accidentally Born
Wednesday, October 24, 2012
තවත් එක කතාවක්...
කඳුළු බිඳු වැටෙන
සිහිනයක් වෙනුවෙන්
බොඳ කළත් ඒ සිනා මල්
හද ගැහෙන හැම විටක
සිහිවේවි ඒ මතක....
අතීතය සුන්දරයි
ජීවිතය අපේමයි
හදවත මගේමයි
ආදරය අන්සතුයි
Tuesday, September 4, 2012
අවසරයි සමුගන්න
හමුවුණා මතකයිද
අප නොසිතු මොහොතක
ඇවිද්දා මතකයිද
අප එකම මාවතක
මගහැරුණා මතකයිද
එක දිනෙක අප දෙදෙන
ඉඩ දෙන්න කාලයට
ගෙන යන්න ඒ මතක
අවසරයි සමුගන්න
මගේ සිහින ලෝකයෙන්....
Wednesday, July 11, 2012
Untitled
ආදරේ නාමයෙන්
පිපුණු මල්
ගිලිහෙද්දි
කාලයක් පුරාවට ගැයූ ගී
වියැකෙද්දි
හද පුරා ඇඳි සිතුම්
එකින් එක බොඳවෙද්දි
ආදරේ ඉපදේවි
පෙම්වතුන්
මියැදෙද්දි
.........
Monday, May 28, 2012
වයම්දෝ කෙලෙස මම .....
වයම්දෝ කෙලෙස මම
තත් සිඳුණු ගිටාරය
මෙන් වරම් නොලදීමි
සිඳූ තත් වෙණ
වැයු ඇදුරු ගුත්තිල
දුරස් වී සත්සර
සිතුවම් කරම්දෝ කොයි ලෙස
ඉගිලෙන්න වෙරදරන
පියාපත් සමනල...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)