Monday, May 28, 2012

වයම්දෝ කෙලෙස මම .....


වයම්දෝ කෙලෙස මම
තත් සිඳුණු ගිටාරය
මෙන් වරම් නොලදීමි
සිඳූ තත් වෙණ 
වැයු ඇදුරු ගුත්තිල
දුරස් වී සත්සර
සිතුවම් කරම්දෝ කොයි ලෙස
ඉගිලෙන්න වෙරදරන
පියාපත් සමනල...

Tuesday, May 8, 2012

නුබ ගත් කඳුළ

                                                                     හඬන නුබ
                                                                        දුකින් ඉකිබිඳ
                                                                   වැටෙන පිණිබිඳු
                                                                     එකින් එක
                                                                     දැනේවිද නුඹට....
                                                                        හඬන්නට වරම්
                                                                        අහිමි දෙනෙතක
                                                                     කඳුළු බව.......

Thursday, April 26, 2012

යුධ ප්‍රකාශය

ඉගෙන ගන්න ආසයි නම්
කියවන්නට ඔය තරමට
මෙන්න ගනින් මගෙ පොත් පත්
කීතු කීතු වලට ඉරලා
රස බලපන් ඇතිවෙනකම්
පාට පාට ඇඳුම් ඇඳන් 
හැඩ වෙන්නට ආසයි නම්
මෙන්න ගනින් මගේ ඇඳුම්
කෑලි කෑලි වලට කපලා
 හදාගනින් ඇති තරමට
ඒත්, උඹට මං එකක් කියන්නම්
දත තැබුවොත් උඹ
 මගේ පියානෝවට
සමාවක් නෑ කිසිම
සත්තයි, උඹට එරෙහිව
පටන් ගන්නවා මං
ඊළඟ ලෝක යුද්ධය
!!!!!!!!!!!!!!!!!!!!!

Tuesday, April 10, 2012

මගෙ නොවන සිතුවමක්.....


අතින් ගෙන පින්සලක්
අඳිමි මම සිතුවමක්
නොයෙක් හැඩතල මවා
අඳිමි මම සිතුවමක්

නැවතිලා මගේ සිත
දැන් බොහෝ කාලයක්
ඇඳේ සිතුවම තවම
නොනැවතී ඒ නමුත්

හිත නොඇඳි පැහැයකින්
අඳිමි මම සිතුවමක්
ඇඳෙන්නේ මගේ අතින්
මගෙ නොවන සිතුවමක්
එකක් නොව දෙදෙනෙක්
මාත්, මගෙ සිතුවමත්!!!