Friday, May 19, 2023

Celebrations

 Boom! Boom!! Boom!!!

The honorary canons boom!

Rows and rows and rows 

And more rows

Of names carved on stone.

Celebrated with flowers, flags,

Medals in boxes,

And tales of heroics!


(Do you hear the cry?

--A mother had lost a child.

Do you hear that?

--The struggle of a father hiding tears.

Wasn't that a silent weep?

Here's a lover whose world came crashing down.

Wait... hear that... the sigh?

Oh, it's just a child growing up with nothing

But a figure on a photograph.)


Come, let us celebrate.

Those who gave it all--

Blood, sweat, and tears!

The ultimate hero

Who willingly offered 

On a bloody (s)platter

"Here, take my life, for the motherland!

It's not worth much, I'm just a pawn."


Come, let us celebrate!

The honeyed words from the Nation's Leader

Pouring on unhealed wounds.


Wednesday, May 27, 2020

ගතින් මෙතැන 
සිතින් එතැන 
ඔබ දෙතැනක 
එක මොහොතක 

Wednesday, August 28, 2019

සත්තු වත්ත

උම්බෑ........
හොක්කි හූ..... හූ......
බුහ්! බුහ්! බුහ්!
කුක්කුකූ.... කූ...
කාක්! කාක්!! කාක්!!!
රට වටේටම
   ගොං පොර
   බලු පොර
   කුකුළු පොර
තව තව එකී මෙකි නොකී පොර
අපිත් ඉතින් කට ඇරන් බලන් ඉන්නවා

Monday, August 26, 2019

මං මන්දෝදරී

රාවණාට පෙම් කළා බොහෝ දෙන
නමුත් රාවණා පෙම් කළේ මට
මං මන්දෝදරී,
ඒත් මාව මතක කාටද.....

රාවණාගේ උරුමය; පුත් මේඝනාද
වේදනා විඳ බිහි කළේ මම
මං මන්දෝදරී,
ඒත් මාව මතක කාටද.....

රාවණා - රාම යුධ කළා
මගේ රාවණ මියගියා
මං මන්දෝදරී,
ඒත් මාව මතක කාටද.....

රාවණාගේ පතිවත, සීතා ගින්නෙන් ඔප්පුකළා
මගේ හදවත අළු වුණා
මං මන්දෝදරී,
ඒත් මාව මතක කාටද.....

රාවණා - සීතා - රාම ගැන පෙම් කතා ලියවුනා
මං වැන්දඹු වුණා
මං මන්දෝදරී,
ඒත් මාව මතක කාටද
මට පෙම් කරපු රාවණා නැති කොට...


Sunday, June 10, 2018

කොළඹ අහස...

ඉඳහිටලා
ඉඟි මරන
තරුවක්
දැක්කොත් තමයි
ඉතින්...

Friday, May 18, 2018

ඔවුහු

ඔවුහු;
රතු පාට මහා පොළොව
දළුලන්න ඉඩදෙන්න
ලේ සුවඳ මද සුළඟෙ
මල් සුවඳ පැතිරෙන්න
ගිනි දැවෙන දහස් සිත්
කෙසේ හෝ සනසන්න
ගලා යන කඳුළු ගඟ
හරස් කොට නවතන්න,
නික්ම ගොස් ජීවිතෙන්
අපේ දිවි සරසන්න...

Wednesday, February 7, 2018

නිසල

 

                                                                        නිසල සඳ නුඹ 
                                                                        සසල කළ මගෙ හද
                                                                        නිසල වී අද 
                                                                        සසල කර මගෙ හද

Friday, December 23, 2016

හිම බිමේ සැඟවූ තැන

හිරුත් උණුසුම් මදියි
උණුසුම් කරන්නට මිදුණු හද
නමුත් එක් තරුවක් ඇවිත්
උණුසුම් කරන්නට දරන තැත...

කියම් නොකියම් ද තරුවට
හිම බිමේ සැඟවූ තැන?
යාවිදෝ අතැර ගිනි දැවෙන කතරක?

මඟ ළකුණු මැකී ඇත
හැමූ හිම සුළං මැද
කෙසේ නම් කියම් තරුවට?

මිදුණු හද සුරැකියි,
හිම බිමේ සැඟවූ තැන!

Saturday, June 25, 2016

මගේ ස්ත්‍රීත්වයේ උභතෝකෝටිකය

පරීක්ෂණය: කොණ්ඩය හා මම
දත්ත
වස්තුව: කොණ්ඩය
අයිතිය: මට
ස්ථානය: මගේ හිස මත පිහිටා ඇත.
අනෙකුත්: කොණ්ඩය නඩත්තු කිරීම මා විසින් කරනු ලැබේ.
                ජීව විද්‍යාත්මකව උපතේ සිට මා ස්ත්‍රී ලිංගිකයි.
කාල සීමාව: වසර 01 මාස 05
ප්‍රශ්නය: ඇයි කොන්ඩේ කැපුවේ?
පිළිතුර: පහසුවට

ප්‍රතිචාරය 01: ඒ උනාට ගෑනු ළමයෙක්ට කොණ්ඩේ තියෙන්න ඕනේ.
ප්‍රතිචාරය 02: ගෑනු ළමයෙක්ගේ ලස්සන තියෙන්නේ කොණ්ඩේ.
ප්‍රතිචාරය 03: කෙල්ලෙක් උනාම දිග කොණ්ඩයක් තියෙන්න ඕනේ.
ප්‍රතිචාරය 04: සාරියට ලස්සන දිග කොණ්ඩය.

විශේෂ අවස්ථා:
"කෝ උඹේ කොණ්ඩේ"
"ඒක කැපුවා"
"අඃ...ඒක නෙවේ අපි කොහෙද කන්න යන්නේ?"

නිගමනය
මගේ ස්ත්‍රීත්වය තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ කොණ්ඩය හා එහි දිගයි.

සාකච්ඡාව
කොණ්ඩය කපා වසර එකහමාරකට ආසන්න කාලයක් ගත වීද ලැබෙන බහුතර ප්‍රතිචාර මත මගේ කොට කොණ්ඩය මගේ ස්ත්‍රීත්වය පිළිබඳ ගැටළුවක් මතු කරයි. මෙය වෙනස් වෙන අවස්ථාද ඇත. ඉහතින් දක්වා ඇති විශේෂ අවස්ථාව එවැන්නකි. එබැවින්, පිළිගත් ජීව විද්‍යාත්මක කරුණු වලට හා උපන් මොහොතේ සටහන්කල මගේ උප්පැන්න සහතිකය අනුව මා ස්ත්‍රී ලිංගික වුවද සමාජයමය කරුණු මත එය ප්‍රශ්නයට ලක්කෙරේ.

Saturday, April 23, 2016

බක් මහා උළෙල

මතකද....
එදා බක් මහා උළෙල?
කතා නොකළේ එතරම්
ආඩම්බරේට නෙවෙයි

අවුරුද්දක්ම ගියා
පසුතැවි තැවී
එදා කතා නොකලට

මෙදා පාරත් එනවද?
කතා නොකරාවි එතරම්
ඒත් ආසයි දකින්නට අයෙත්...

Wednesday, December 16, 2015

කොන්ක්‍රීට්...

අනුපාතෙට සිමෙන්ති, වැලි එකතුකරලා
අච්චුවට දාලා හදපු
කොන්ක්‍රීට් කණු අතරේ
ඉස්සර දවසක
වචනයක්වත් නැතුව
කුළුගෙඩියකින් ගහලා
කුඩුකරලා දාපු,
මිටියකින් ගල්කටුවට
යාන්තමට තට්ටුකරලා
හැඩකරලා
සියුම්වට දාර තියලා
මවපු කැටයම
අඳුරගන්න පුලුවන්ද  මන්දා....

Tuesday, September 1, 2015

හිමි - අහිමි ප්‍රේමය

පෙම් කලෙමි නුඹට
ඇය සිටින බව නොදැන
පෙම් කලෙමි නුඹට
නුඹ ඇගේ බව නොදැන
පෙම් කලෙමි නුඹට
නුඹ අහිමි බව නොදැන

පෙම් කරමි නුඹට
ඇය සිටින බව දැන
පෙම් කරමි නුඹට
නුඹ ඇගේ බව දැන
පෙම් කරමි නුඹට
නුඹ අහිමි බව දැන


Friday, August 28, 2015

අවැසි නම් මට
කුලය කම් නැත
ඇයව රජ කුමරියක කරනට
නුහුරු රන්දම් පළඳවා
මල්දාම හුරු ඇ'ගෙලට
අවැසියි ජීවිතය සොයාගන්න
රජෙකු නොව මිනිසෙකු විලස
කිරුළු පළඳිනු නොහැක මා හට 
ඔබේ පුත් වූ පමණින්ම..
පිය රජුනි,
අවසරයි මට
නික්ම යන්නට මන්දිරෙන්
ඇගේ හිමි ලෙසට...

Tuesday, June 2, 2015

ඇය

ඇය බිළිඳියක්
කිරි සිනා නගන 
ඇය ළදැරියක්
වැටි වැටී පියවර නගන
ඇය තරුණියක්
කෙළිදෙලෙන් කල් ගෙවන
ඇය කතක්
ජීවිතේ සොයායන

ඇය දියණියක්
ජීවිතේ සතුටදෙන
ඇය මිතුරියක්
ජීවිතේ සවියදෙන
ඇය මවක්
ජීවිතේ ලබාදෙන

සිතුනේ කොහොමද කෙළෙසන්න ඇය 
නුඹට අකමැති කිවූ නිසාවෙන
සිතුනේ කොහොමද කෙළෙසන්න ඇය
ඇඳ පැළඳ උන් විලාසෙට
සිතුනේ කොහොමද කෙළෙසන්න ඇය
නුඹේ පිරිමිකම පෙන්නන්න
සිතුනේ කොහොමද කෙළෙසන්න ඇය
ඇය ගැහැනියක් වූ බැවින

යම් දිනෙක නුඹ 
පියෙකු වුවොත් දියණියකට
දැනේවිද නුඹට 
ඇගේ ජීවිතේ වටිනකම....





Sunday, May 10, 2015

ආරාධනා...

දැන්මම කියලා තියන්නම්
එදාට වෙලාවක් නැතිවෙයි
කැරම් බෝඩ් එකයි
කාඩ් කුට්ටමයි ලෑස්තියි
හොඳට ඉඟුරු දාපු තේකයි
චොකලට් බිස්කටුයි
ගෝල්ඩ් මාරියි;
මං ටිකිරි මාරි වලට අකමැතියි

සුදු නැතුවට කමක් නෑ
ඔය හැමදාම අඳින
පාට ගියපු ටී ෂර්ට් එකයි
ඩෙනිමයි හොඳටම ඇති
ඇවිත් යන්න එන්න
මේ මාසේ අන්තිමට
මගේ මළගම දාට

Tuesday, May 5, 2015

ආදරේ කියලා අපි හිතනදේ ඇත්තටම ආදරේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.  ඒනිසාම ඒ ආදරේමද කියල දැන ගන්නකන් අපි ගොඩක් වෙලාවට අපේ හැගීම් හංගගෙන ඉන්නවා. තවත් විටක අතීත අත්දැකීමක් නිසා හිතේ තියනදේ කියන්නැතුව ඉන්නවා. තවත් වෙලාවක ඒ ඇත්තටම ආදරේ වුනත් වෙන කෙනෙක්ගෙ උරුමය නිසා හිත හංගගෙන ඉන්නවා. ඒ හැම අවස්තාවකම හේතුසහගතයි.

ඒ වගේම අපි නිකමටවත් නොහිතන දෙයක් ආදරේ වෙන්නත් පුළුවන්. හදිස්සියේම ඇවිත් හදිස්සියේම යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. මේ ජීවිතේ හරිම පුදුමාකාරයි. හරිම අවිනිශ්චිතයි. ඒනිසා ගෙවෙන හැම මොහොතක්ම ආදරෙන් ගතකරන්න. ජීවිතේ මොනදේ දුන්නත් ජීවිතේට ආදරේ දෙන්න.

Saturday, April 18, 2015

අපේ කතාව

සේයාරූ: පණ්ඩුල බස්නායකලොවට හොරා දුටු සිහිනයේ
ඇවිද ගියා අපි වෙරළ දිගේ
බොඳව ගියත් පා සටහන් වැලිතලයේ
පවසන්නම් මුළු ලොවට ඇසෙන්නට
වෙන්කළ දෙහදක කතන්දරේ

ක්ෂිතිජ ඉම තෙක් සාගරේ
ඉගිල ගියා අපි හිතුමතේ
සිඳ දමුවත් ඒ සොඳුරු පියාපත්
පවසන්නම් මුළු ලොවට ඇසෙන්නට
වෙන්කළ දෙහදක කතන්දරේ

අතරමංවී සිහිනයේ
සැරිසැරුවා මම ජීවිතයේ
තනිවුණු හදවත ගැහෙන තුරාවට
පවසන්නම් මුළු ලොවට ඇසෙන්නට
වෙන්කළ දෙහදක කතන්දරේ



ඡායරූපය: පණ්ඩුල බස්නායක

Wednesday, February 18, 2015

වෙරළ කොන හිඳ ඇයට ගැයු ගීතය

වෙරළ කොන හිඳ
ඇයට ගැයු ගීතය
සුළඟ ගෙනයාවි ඈතට
ඇයට නොඇසෙන තරම් ඈතට
කියන්නට බැරි නිසා
සිත නැගුනු සිතිවිලි
සටහනක් තබමි වෙරළේ
හමු වූ දිනක කියන්නට
පෙම් කල බව ඇයට
ඈ කවුද කියන්නටවත්
නොදැනසිටි කාලයක
ඡායරූපය: ලිවිදුල් විතාරණ

Monday, November 17, 2014

තණ්හා, රතී, රඟා බැලුවෙමි

සුරජ්, විමලේ හා සිරි;
ජීවිතේ තුන්පළක ජීවත්වන
මිතුරන් තිදෙනෙක්.

තහනම් ආදරයක්,
පෙරුම් පුරනා පෙම්වතෙක්,
තිදරු පියෙක්.

ගුණසිංහපුර ඉඳන්
චලෙයි වලට
රෝද තුනක නාන්න ගිහින්

විමලේ අහුලපු සර්පයා
චලෙයි ඉඳන් කොළඹ එමින්
දැන් කයි, දැන් කයි

සිරිගේ හිත තර්ක කරයි
විමලෙගෙ හිත ඉස්තීරයි
සුරාජ්ගෙ හිත අපැහැදිලියි

එක යුද්ධයක් ඉවරයි
තව යුද්ධයක් කරමින්
අනිත් යුද්ධය නෙත් මානයේ

එහේ මිනිස්සුත් එහෙමයි
මෙහෙ මිනිස්සුත් එහෙමයි
වෙනසක් නෑ

"ආනන්ද, සර්පයා දුටුවාද?"
කාටවත් ඒ දෙබස මතකද?
කවුරුන් විසින් කාටද?

Thursday, November 6, 2014

The Witch With A Stone Cold Heart

Take her hand tight
Smile your sweet smile
Kiss her on the cheek
And add a drop of poison in her cup
Let her take a sip
Let the poison settle in
Let it turn her heart to stone

Add a drop of poison
Everyday in the cup
Let the poison settle in
Let it work its charm
And turn her into a witch with a stone cold heart
Break it, smash it
Turn it into dust
Burn her at the stake
'Cause she's a witch with a stone cold heart